සයුරෙන් එතෙර
භූ කම්පන 300ක් - දහස් ගණනක් දූපතෙන් ඉවතට
February 5, 2025 04:48 pm
භූ කම්පන අවදානමක් හේතුවෙන් ග්‍රීසීයේ සැන්ටෝරිනි දූපතෙන් දහස් ගණනක පිරිසක් ඉවත්ව ගොස් තිබේ.
අදාළ දූපත ආසන්නයේ භූ කම්පන 300කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ජනතාව එම දූපතෙන් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉරිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 9,000ක් පමණ දූපතෙන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේ ද භූ කම්පන හටගනු ඇති බවට විශේෂඥයින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.